June 29, 2024

දිවි නහගන්න උඩින් පැන්න මිනිසෙකුගේ සංවේදී CCTV වීඩියෝව (VIDEO)

සාමාන්‍යයෙන් වාර්තා නොවන අමුතුම ආකාරයේ අනතුරක් පිළිබඳ චීනයෙන් වාර්තා වෙනවා.

පසුගිය සෙනසුරාදා සිදුව ඇත්තේ චීනයේ ගුවංසි පළාතේ යි.

උස් ගොඩනැගිල්ලකට නැගගත් පුද්ගලයෙකු සිය දිවි නසාගැනීම සඳහා එම ගොඩනැගිල්ලෙන් පහළට පැන තිබෙනවා.

ඔහු පතිත වී ඇත්තේ පහළ මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් මතට යි.

මෙම සිදුවීම අසළ ගොඩනැගිල්ලක පිහිටි CCTV කැමරා පද්ධතියේ සටහන් වී ඇති අතර අන්තර්ජාල මාධ්‍ය අතර එය දැඩි සේ හුවමාරු වෙමින් පවතිනවා.

ඉහළ සිට පතිතවන පුද්ගලයාගේ අස්ථි බිඳී යන ආකාරය එම වීඩියෝවේ පැහැදිලිව දැකගත හැකියි.

යතුරුපැදිකරු ද මෙම අනතුරින් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වන නමුත් සිද්ධියට මුහුණ පෑ පුද්ගලයින් දෙදෙනාගේම දිවි බේරාගැනීමට සමත් වී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරනවා.

CCTV වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)