May 01, 2024

13ට එහා ගිය බලයක් ඉල්ලා විරෝධතාවක්

දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද යාපනයේ දී විරෝධතාවයක් පැවැත්වුණා.

දෙමළ ජනතාව නියෝජනය කරන තවත් පක්ෂයක් වන දෙමළ ජාතික ජනතා පෙරමුණ විසිනුයි මෙය සංවිධාන කර තිබුණේ.

පා ගමනක ද නිරත වූ එම පිරිස අද දහවල් යාපනය නගරයේ දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ජන හමුවක් ද සංවිධාන කර තිබුණා.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක් විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරට තුළ ක්‍රියාත්මක කරන ලෙස ලක් රජයට බල කරන ලෙස ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පසුගිය දා ලිපියක් ද භාරදී තිබෙනවා.

කෙසේ වෙතත් අද පැවති විරෝධතාවයට එක්ව සිටි පිරිස සඳහන් කළේ, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවට කිසිදු විසඳුමක් නොලැබෙන බවයි.

එබැවින් 13 ට එහා ගිය බලයක් උතුරු නැගෙනහිර ජනතාවට අවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

(වන්නි - රොමේෂ් මධුෂංක)

Rate this item
(0 votes)