March 29, 2024

තරගෙට රැගෙන ගිය පරවියන් වනජීවිය මුදාහරී

අකුරණ ප්‍රදේශයේ පරවියන් ඇති කරන්නන්ගේ සංගමයක් තරගයක් සදහා ලොරි රථයකින් රැගෙන ගිය පරවියන් 359 දෙනකු කරුවලගස්වැව වනජීවි නිළධාරින් අල්ලා තබ්බෝව ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රිඩාංගනයේ දී අද (30) දින මුදා හැරිමට කටයුතු කළා.

මෙම පරවියන් ආරක්ෂීත පෙට්ටි 11ක් තුළ රඳවා වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශය හරහා රැගෙන යමින් සිටියදි තබ්බෝව අභය භුමිය ආසන්නයේ අත්අඩංගුවට ගැනිමට වනජීවි නිළධාරිහු කටයුතු කර තිබෙනවා.

ගෘහාස්ශ්‍රීතව ඇති කරන පරවින් අභය භූමිය ආසන්න ප්‍රදේශයේදි මුදා හැරීම වනජීවි පනත අනුව තහනම් බවත් ඒ අනුව කුඩු 11 ක රදවා සිටි පරවින් 359 දෙනා මෙසේ අදාල සංගමයේ සාමාජිකයන් සමග රැගෙන ආ වාහනය ද සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර අකුරණ ප්‍රදේශයේ තරග සදහා පරවියන් ඇති කරන සංවිධානයක් අද උදෑසන පරවියන් පුත්තලම කරතිව් ප්‍රදේශයේ දි තරගයට මුදා හැරිමට සුදානම්ව සිටියදී වන ජීවි නිළධාරින් මෙසේ අත්අඩංගුවට ගත්තේ.

(ජූඩ් සමන්ත)

Rate this item
(1 Vote)