May 01, 2024

ගුරු - විදුහල්පති උද්ඝෝෂණය නවතී! ගුරු සංගම් වෙතින් තීරණයක් Featured

ඊයේ (25) දිනයේ මෙරට සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ප්‍රාථමික අංශයන් මාස 06කට පමණ පසුව යළි ආරම්භ වුණා.

දින 100කට අධික කාලයක් අඛණ්ඩ විරෝධතාවයක් මෙන්ම වැඩ වර්ජනයක නිරතව සිටි ගුරුවරුන් ඊයේ (25) දිනයේ සිට නැවත සේවයට පැමිණිමට කටයුතු කළා.

සවස 1.30ට පාසල් අධ්‍යයන කාලය අවසන් වූ පසුව ගුරුවරුන් යළිත් ඊයේ (25) දිනයේ දී දිවයින පුරා විරෝධතා රැළි ක්‍රියාත්මක කර තිබුණා.

කෙසේ වෙතත් අද (26) දිනයේ කිසිදු විරෝධතාවයක් නොපවත්වන බව ගුරු විදුහල්පති වෘත්තී සමිති ඒකාබද්ධ සංගමය විසින් පවසා සිටියා.

ඒ අනුව ගුරුවරුන් විසින් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග පමණක් අනුගමනය කරන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝස්ෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 26 October 2021 08:18