May 01, 2024

සුමන්තිරන්ගේ රුවට ධීවර වැසියෝ පහර දී ගිනි තබයි! (PHOTOS)

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට එරෙහිව අද (26) යාපනයේදී ධීවරයින් විශාල පිරිසක් විසින් ධීවර කටයුතු නවතා දමා විරෝධතාවක් සංවිධානය කොට තිබුණා.

එමෙන්ම යාපනය වැල්වැටිතුරේයි සහ ගුරුනගර් ප්‍රදේශයේ වෙළෙඳසැල්ද වසා දමමින් කලු කොඩි ප්‍රදර්ශනය කොට ධීවර සංගම් නියෝජිතයින් හා සියලුම ධීවරයින් ධීවර කටයුතුවලින්ද ඉවත්ව ගුරුනගර් ධීවර සංවර්ධන සමිතිය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබෙනවා.

එහිදී විරෝධතාවයේ නිරත වූ ධීවරයින් පවසා සිටියේ පසුගියදී සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා මුහුදු මඟින් ඉන්දීය ධීවරයින්ට එරෙහිව සිදුකරන ලද විරෝධතාවය දේශපාලනික අරමුණු වෙනුවෙන් පමණක් සිදු කොට ඇති හෙයින් එය උතුරේ ධීවරයින් වෙනුවෙන් සිදු නොකළ බවයි.

එමෙන්ම යාපනයේදී සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් විරෝධතාවයෙන් අනතුරුව ගුරුනගර් හා වැල්වැටිතුරෙයි ධීවරයින්ද ට්‍රෝලර් යාත්‍රා මඟින් මසුන් ඇල්ලීම ඇතුළු තහනම් ක්‍රම මඟින් මසුන් ඇල්ලීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට පැවසීම මගින් උතුරේ ධීවරයින්ගේ ජීවන ආර්ථිකයටද බලපෑමක් එල්ල කොට ඇති හෙයින් මන්ත්‍රීවරයා ධීවරයිනගේ සැබෑ තත්වයන් නොදැන දේශපාලනික අරමුණු වෙනුවෙන් පමණක් කටයුතු කරන බවටද විරෝධතා කරුවන් පවසා සිටියා.

විරෝධතාවයේ නිරත ධීවරයින් විසින් විරෝධතාවය අතරතුරදී සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ අනුරුවක් සාදා එයට පාවහන් මාලයක් දමා පහරදීමෙන් අනතුරුව ගිනිතබාද විරෝධතාවයේ නිරත වුණා.

විරෝධතාවයේ ඡායාරූප පහතින්,

(රොමේෂ් මධුෂංඛ - වව්නියාව)

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 01:24