May 01, 2024

රටේම විදුලිය දවස් 02කට නැතිවෙයි! ජනතාවටත් දැනුම් දීමක්

දින 02ක් අඳුරේ සිටීමට සුදානම් වන ලෙස විදුලි වෘත්තීය සමිති විසින් ජනතාව වෙත පවසා තිබෙනවා.

මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා විදුලි වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට සුදානමින් සිටිනවා.

ආණ්ඩුවේ පක්ෂ 11ක නායකයින් විසින් ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව විදුලි වෘත්තීය සමිති මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසා සිටියේ මෙවන් කතාවක්,

“ආණ්ඩුව අපිට කියනවා, වැඩවර්ජනයකට පලයල්ලා...  අඳුරේ තියපල්ලා. එතකින් මෙහා අපි මේ නරුම ප්‍රතිපත්තිය මේ ගිවිසුම අකුල ගන්නේ නැහැ කියලා..

ඒ නිසා අපි ජනතාවට කියනවා... මේ තුවාලය සුව කරන්න ඔබට අපිට අඳුරේ ඉන්න වෙයි දවස් දෙකක්.. අපි රට අඳුරට පත් කරනවා. වැඩ වර්ජනයකට යනවා ” 

Rate this item
(6 votes)
Last modified on Thursday, 28 October 2021 10:48