April 20, 2024

හෙට විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට (21) දිනයේදී ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

එමෙන්ම P, Q, R, S, T, U, V, W කලාප සඳහා හෙට (21) දිනයේදී පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පැය 02 යි විනාඩි 40 ක්ද පස්වරු 05.00 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ පැය 01 යි විනාඩි 50 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇති.

Rate this item
(1 Vote)