May 06, 2024

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත විරෝධතාවයක්

වැලිකඩ බන්ධනාගාරයේ "C වාට්ටුව" ගොඩනැගිල්ලේ ඉහළ මහළේ රැඳවියන් පිරිසක් විසින් උද්ඝෝෂණයක නිරතව සිටිනවා.

එම වාට්ටුවේ සිටින බොහෝ රැඳවියන් වයස්ගත රැඳවියන් වන අතර, බොහෝ කාලයක් සිරදඬුවම් විඳිමින් සිටින අය බවත් වාර්තා වෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම රැඳවියන් පිරිස මෙලෙස විරෝධතාවයේ නිරතව සිටින බවයි සඳහන් වන්නේ.

මෙම රැඳවියන් විසින් විරෝධතා පුවරු ඔසවාගෙන සිටි අතර එහි සඳහන් වන තිබුණේ "සිරකරුවන් තලාපෙළා පීඩනයට පත්කරමින් බන්ධනාගාර නිලධාරීන් කරන වංචනික ක්‍රියා පිළිබඳව රටේ නායකත්වයේ ඇස් ඇරේවා" ලෙසයි.

මේ වන විට අදාළ විරෝධතාවය පාලනය කර ඇති බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 October 2021 17:35