May 02, 2024

සිමෙන්ති ගන්න හිටිය අයට සුබ ආරංචියක්

සිමෙන්ති හිඟය ලබන 25 වැනිදායින් පසු බොහෝදුරට පහව යනු ඇති බව සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් පවසනවා.

ඔවුන් සඳහන් කළේ ඊයේ (19) සිමෙන්ති කොට්ට ලක්ෂ 06ක් රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණි බවයි.

ඉන්දුනීසියාවේ සිට එක් නෞකාවක් පැමිණ ඇති අතර, එහි සිමෙන්ති කොට්ට ලක්ෂ දෙකක් පවතිනවා.

එමෙන්ම, පාකිස්තානයේ සිට සිමෙන්ති කොට්ට ලක්ෂ 04ක් රැගත් තවත් නෞකාවක් පැමිණ තිබෙනවා.

මේ වනවිට එම සිමෙන්ති නිදහස් කරගෙන ඇති බවත්, ඒවා කඩිනමින් වෙළඳපොල වෙත නිකුත් කරන බව ද සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් සඳහන් කළා.

මේ වනවිට වෙළඳපොලේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375ක් ලෙස සටහන් වූව ද, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවන් සිමෙන්ති අලෙවි කරන්නේ රුපියල් 1500කට ආසන්න මුදලකටයි. 

ඇතැම් අලෙවිකරුවන් වැලි හෝ ගල් මිලදී ගැනීමේදී පමණක් සිමෙන්ති අලෙවි කරන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

කෙසේවෙතත් ඊයේ සිමෙන්ති මිලදී ගැනීමට පැමිණි ජනතාව සිමෙන්ති හිඟය ගැන දැක්වුයේ මෙවැනි අදහසක්.

"උදෙන්ම මූණ හෝදන්නේ නැතුව ගිහින් ජන්දය දුන්නා. දැන් ඒවගේ බැට අපි කනවා. නැවත වාරයක් නම් ඒ සනුහරේට දෙන්නේ නම් නැහැ. සිමෙන්ති කොට්ටේ ගන්නත් දරු මල්ලෝ එක්ක පෝලිමේ එන්න වෙනවා."

"පෝලිමේ ඉන්නවා ටෝකන් ඇත්තෙත් නැහැ. පෝලිමේ ඉන්නවා. සිමෙන්ති කොට්ටයයිනේ දෙන්නේ. කොට්ටයක් අරන් ගිහින් බත් කන්නද?"

"හරියට කරයි කියලා මේ මෝඩ වෙලා දුන්නා. දැන් අපිම තමයි දුක් විදින්නේ."

"අතින් දීලා කෙලවගෙන තියෙන්නේ."

"බයිලා ගහලා ඔක්කොම ආවේ. දැන් බලන්න විදින දුක. වචනෙන් දෙකෙන් කතා කරලා බයිලා ගහලා මිනිස්සු අඹරවලා ගත්තේ. පිටි පෝලිම්, සිමෙන්ති පෝලිම්, ගෑස් පෝලිම්. දැන් නම් සැපයි."

Rate this item
(1 Vote)