April 27, 2024

සිමෙන්ති මිලත් ඉහළට

ආනයනික සහ දේශීය ව නිෂ්පාදනය කරන සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක කොට්ටයක මිල රුපියල් 350කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 1850ක් වනු ඇති.

අද (13) පස්වරුවේ දී යි සිමෙන්ති නිෂ්පාදන සහ ආනයනය කරනු ලබන සමාගම් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙලෙස මිල වැඩිකිරීමට හේතු වන්නේ රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ රුපියලේ අගය අවප්‍රමාණය වීම මත සහ රට තුළට ඩොලර් ගලා නොඒම මත විශාල වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සංශෝධනය වීමයි.

Rate this item
(1 Vote)