May 02, 2024

බගවන්තලාවේ සියලු වෙළඳසැල් වසා දමයි - ජනතාව පාරට බහී (PHOTOS)

November 07, 2021

තේ සහ එළවළු වගාවට රසායන පොහොර ලබාදෙන ලෙස බල කරමින් දමිල ප්‍රගිතිශිලි සන්ධානය අද (07) බගවන්තලාව නගරයේදි උද්ඝෝෂණයක නිරත වුණා.

කම්කරු ජාතික පෙරමුණ, කම්කරු ජාතික සංගමය සහ කදුරට ජනතා පෙරමුණේ සාමාජිකයන් එක් කරගනිමින් දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වන පලනි දිගම්බරම්, වි.රාධාක්‍රිෂ්ණන්, එස්.උදයකුමාර් සහ කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝ ගනේෂන්, මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.වේළුකුමාර් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණය පැවැත්වුණා.

රසායනික පොහොර නොමැති විම නිසා තේ වගාවේ ඵලදාව අඩු වී ඇති බවත්, ඒ තුලින් වතු කම්කරුවන්ගේ වැඩ දින ගණන අඩු නිසා ඔවූන්ගේ ආර්ථික තත්ත්වය පහල වැටී ඇති බවයි.

වතු කම්කරුවන් අමතර ආදායමක් ලබා ගැනීමේ අරමුණින් එළවළු වගාව සිදු කලද එම එළවළු වගාව සිදු කිරිමට රසායනික පොහොර, කෘමිනාශක නොමැති වීම නිසා ඔවුන්ගේ එළවළු වගාවේ අදායමද පහත වැටි ඇති බවයි.

මෙම උද්ඝෝෂණයට සහය දක්වා බගවන්තලාව නගරයේ සියළුම වෙලදසැල් පැය දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබුණා.

මෙම උද්ඝෝෂණයේදි අදහස් දැක්වු නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා කියා සිටියේ රසායනික පොහොර ආනයනය කිරිමේ විෂය පැවරි ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට නොව රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාට බවයි.

ඒ අනුව විරෝධතාවයේ නියැලි සිටින ගොවින් පිලිස්සිය යුත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනුරුව නොව ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ අනුරුව බවයි.

පලාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් රජය අන්ත පරාජයක් ලබන බව දන්නා නිසා පලාත් සභා මැතිවරණය නොපවත්වන බවද පලනි දිගම්බරම් මහතා පැවසුවා.

මෙම උද්ඝෝෂණයේදි අදහස් දැක් වු කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝ ගනේෂන් මහතා කියා සිටියේ මේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සිමෙන්ති හිගයක් පවතින බවයි.

රටේ ජනතාවට හිගයකින් තොරව ආහාර ලබාදිමට නොහැකි රජයක් රටට අවශ්‍ය නොවන බවත්, එකම රටක් එකම නිතියක් කාර්ය සාධක බලකායට සුදුස්සන් නියෝජනය නොවන නිසා එම කාර්ය සාධක බලය මේ රටට අවශ්‍ය නොවන බවද මනෝ ගනේෂන් මහතා පැවසුවා.

මෙම උද්ඝෝෂණයේදි අදහස් දැක් වු නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ මේ රටේ දැනට පවතින ආර්ථික අපහසුතා මැද්දේ මේ රටේ විශාල පිරිසක් විදේශගත වීම සදහා ගුවන් බලපත්‍ර ලබා ගැනිමට ආගමන සහ විගමන දෙපාර්තුමේන්තුව අසල පෝලිම් වල රැදි සිටින බවයි.

මෙම උද්ඝෝෂණයට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන අයතන වල මන්ත්‍රිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)                          

Rate this item
(0 votes)