April 20, 2024

වැඩි මිලට සිමෙන්ති විකිණූ අයට වැඩ වරදී (PHOTOS)

December 08, 2021

සලකුණු කොට ඇති මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ ගාල්ල කලේගාන හා කුරුදුවත්ත යන ප්‍රදේශවල වෙළදසැල් හිමියන් දෙදෙනෙකු  කොටු කරගත් බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද කාර්යාලය පවසනවා.

සිමෙන්ති කොට්ටයේ සලකුණු කොට ඇති මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරමින් සිටියදි මෙකි වෙළදසැල් හිමියන් දෙදෙනා කොටු කරගෙන තිබෙනවා. සිමෙන්ති කොට්ටයේ  සලකුණු කොට ඇති මිල රුපියල් 1275ක් වන අතර මෙකි වෙළදසැල් හිමියන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1400ක මුදලකට අලෙවි කළ බැව් පරිභෝගික කටයුතු පිළිබද කාර්යාලයේ විමර්ශන නිලධාරිහු පවසනවා. මෙකි වෙළදසැල් හිමියන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරිමට නියමිතව තිබෙනවා.

සලකුණු කොට ඇති මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන බවට පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි රැසක් ලැබි ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද කාර්යාලය පවසනවා. ඇතැම් වෙළදසැල් හිමියන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1700ක මුදලකට පවා අලෙවි කරන බවට තොරතුරු ලැබි ඇති බවත් ඉදිරියේ දි සලකුණු මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළදසැල් පරික්ෂා කිරිම සදහා වැටලිම් දිගින් දිගටම සිදු කරන බවද ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද කාර්යාලයේ විමර්ශන නිලධාරිහු පවසනවා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)