May 02, 2024

සිමෙන්ති, ගෑස්, කිරිපිටි හිඟයට හේතුව බන්දුල කියයි Featured

December 16, 2021

මේ වන විට වෙළඳපොලේ ගෑස්, කිරිපිටි මෙන්ම සිමෙන්ති හිඟයක්ද පවතිනවා. කිරිපිටි ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින් වෙළඳසල් අසල දිගු පෝලිම් වල රැඳී සිටින බවද අප වාර්තාකරුවන් පැවසුවා. එමෙන්ම දිගින් දිගටම ගෑස් පිපිරීම් වාර්තා වන අතර ගෑස් ලබා ගැනීමටද පාරිභෝගිකයින් වෙළඳසල් ඉදිරිපිට සිටින අයුරුද දැක ගැනීමට හැකි වෙනවා. 

කෙසේවෙතත් මෙලෙස වෙළඳපොලේ ගෑස්, කිරිපිටි මෙන්ම සිමෙන්ති හිඟයක්ද පවතින සීමාවක වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් මාධ්‍ය වේදීන් ඒ පිළිබඳව විමසා සිටියා.

 ඒ ඊයේ (15) දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනකින් අනතුරුවයි.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියා,

"මේ වෙන කොට ලෝකෙම ප්‍රශ්නයක් තියෙනවනේ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ලෝකේ නැව් ලංකාවට එන්නේ නැත්තම් එන නැව් වල ගාස්තු සියයට 1000කින් වැඩි වෙලා නම්,  භාණ්ඩ ගේන්න ගෙනියන්න කන්ටේනර් එවන්නේ නැත්නම්, ලෝකයේ ඉතිහාසයම වෙලා තියෙන ව්‍යසනයක් බව පිළිගන්න එපැයැ. ඒ නිසා අර සමුළුවට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයත් කිව්වේ මේ වෙලාවේ මුලු ලෝකෙම එකතු වෙලා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕනි කියලා. මේක ලෝක ප්‍රශ්නයක්. ලංකාවේ  ප්‍රශ්නයක් ලෙස ලඝු කරන්න එපා. මුළු ලෝකයම නිෂ්පාදන වෙන්නේ නැත්තං බඩු හිඟයි තමා. මේ වන විට පොලිතින් නිෂ්පාදනයට විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. ඒක දැන් හඳුන්වන්නේ අනතුරුදායක යෙදවුම් විදිහට. ඒ නිසා පොලිතින් නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටලා තියෙන්නේ."

මෙරටට ගෙන්වූ ගෑස් නැව ප්‍රමිතියෙන් තොර බව පවසා නැවත යැවීමට සුදානම් දැයි මාධ්‍යවේදීන් විමසීමක් කර සිටියා. එහිදී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළා,

"ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සොයා බලා නිසි විසඳුමක් ලබා දෙයි"

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 15 December 2021 21:55