April 27, 2024

මෛත්‍රීට කාන්තාවන් ගැන හිත යයි

කාන්තා නියෝජනය ඉහළ දැමීමේ අවශ්‍යතාව පළාත් සභා හා මහමැතිවරණ සඳහා ද පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ඒ මහතා මේ බව කියා සිටියේ පැෆ්රල් සංවිධානයේ "වෙනසකට මගක්" වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (19) එක්වෙමින්.

3%ක පමණ ප්‍රතිශතයක් මේ වන විට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පවතින අතර, විවිධ මැතිවරණ අවස්ථාවලදී දේශපාලනයට කාන්තා සහභාගිත්වය පිළිබඳ මාතෘකා බවට පත් වුණා.

ලෝකයේ ප්‍රථම අගමැතිනිය ද මෙරට කාන්තාවක් බවත්, එබැවින් රටේ දේශපාලනයට සහ සංවර්ධන කටයුතු සඳහා ආකල්පමය වශයෙන් වැඩි නව අදහස් ගැනීමට කාන්තාවන් දේශපාලනයට නැඹුරු වීමේ අවශ්‍යතාව මේ වනවිට මතුව ඇති තවත් ගැටලුවක්.

මෙවන් පසුබිමකයි කාන්තා නියෝජනය මහමැතිවරණ සේම පළාත් සභා මැතිවරණ සඳහා ද යෝග්‍ය බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

Rate this item
(0 votes)