කොරෝනා ආසාදිතයන් 829ක් ඊයේ (19) වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 598,536ක් දක්වා ඉහළ ගියා.
මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව යළිත් 800 සීමාව ඉක්මවා ගියේ කලකට පසුවයි.
මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාවේ ශීඝ්‍ර ඉහල යාමක් වාර්තා වුණේ දීර්ඝ සතිඅන්ත නිවාඩුවෙන් පසුවයි.
මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,243ක් දක්වා ඉහළ ගියේ ඊයේ (19) වාර්තා වූ කොරෝනා මරණ 12 ත් සමගයි.
මෙවන් පසුබිමක ඔමික්‍රෝන් ප්‍රභේදය සමග රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සමාජය තුළ බහුලව වෙසෙන බව අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
කොළඹ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට සහ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට සියලු පුරවැසියන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.