May 04, 2024

මඩකලපුවේ මුහුද කැළඹෙයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ අඛණ්ඩව පවතින කාලගුණ වෙනස් වීමෙන් මුහුද රළු වී ඇති අතර මේ හේතුවෙන් ධීවරයින් කිසිවෙකුට මුහුදු නොයන ලෙස දැනුම් දී තිබෙනවා.

මේ නිසා මසුන් ඇල්ලීමේ කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බව ධීවරයින් පවසනවා.

නව කාත්තන්කුඩි, එත්තුකාල්, පුනොච්චේමුනේ, නාවලඩි, පුන්නකුඩා ඇතුළු බොහෝ මුහුදුබඩ ප්‍රදේශවල මුහුද රළු වීමෙන් ධීවරයින්ගේ ජීවනෝපාය අහිමි වී තිබෙනවා.

ධීවර කටයුතු අඩාල වීමෙන් ධීවරයින් තම බෝට්ටු ඇතුළු ධීවර උපකරණ වෙරළේ  සිට දුර ප්‍රදේශවලට රැගෙන නවතා තිබෙන අතර මසුන් අලෙවි කරන ස්ථානද වසා දමා තිබුණා.

(මඩකලපුව  - ටී.එල්.ජවුෆර්කාන්)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 January 2022 16:45