May 04, 2024

මොරටුවේ ගෙවල් වෙරළට ගහගෙන යයි - ජනතාව දුක කියයි (VIDEO)

November 05, 2021

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ ඉදිකර තිබූ නිවාස රැසක් පෙරේදා (03) රාත්‍රියේ විනාශ වී ගොස් තිබුණා.

නිවාස 20ක් එලෙස හානි වී තිබූ අතර නිවාස 7ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

එහි ජනතාව පවසන්නේ තමන් වසර 20ක කාලයක සිට මෙම ස්ථානයේ පදිංචි වී සිටියත් මේ අයුරින් මුහුදු ඛාදනයක් සිදු වූයේ පළමු වරට බවයි.

එහි නිවසක් අහිමි වූ එක්‌ තරුණියක් තම වේදනාව මෙසේ කියා සිටියා,

"අපේ ගෙවල් ඔක්කොම ගියා. පුළුවන් නම් අපිට සහනාධාරයක් දෙන්න. පුළුවන් නම් අපිට මොකක් හරි කරලා දෙන්න. අපේ ගේ ගිහිල්ලා දැන් දවස් 4ක් වෙනවා. කවුරුත් ආවේ නැහැ බලන්න. මේ දෙවෙනි ගේ ගියේ."

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 November 2021 22:09