May 04, 2024

කැළඹුණු කාලගුණය: මාර්ග අවහිරයි - ජනතාව අසරණයි

November 04, 2021

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්වලට අද දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන මහත්මිය කියා සිටියේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් උල්හිටිය - රත්කිඳ ජලාශයේ වාන්දොරටු 7ම ඊයේ විවෘත කළ බව එහි නේවාසික කාර්මික නිලධාරිවරයා ප්‍රකාශ කළා.

එසේම, ඉහළ කොත්මලේ ඇල්ජින් ඔය ඊයේ පස්වරුවේ පිටාර ගැලීමෙන් නිවාස 25කට ආසන්න සංඛ්‍යාවක් ජලයෙන් යට වී තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

නුවරඑළිය කොත්මලේ ගඟ පිටාර ගැලීමෙන් ඒ අවට කම්කරු නිවාස 25 ක් යට වී තිබුණා.

එමෙන්ම, පවතින අධික වර්ෂාවත් සමග ඇල්ල සිට නමුණුකුල හරහා පස්සර මාර්ගය තවදුරටත් වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

ඔහු කියා සිටියේ ගල් පෙරලීමේ අවදානමක් මත අදාළ මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි.

පවතින අධික වර්ෂාවත් සමග ඇල්ල සිට නමුණුකුල හරහා පස්සර මාර්ගය තවදුරටත් වසා දමා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ, ගල් පෙරලීමේ අවදානමක් මත අදාළ මාර්ගය මෙලෙස තාවකාලිකව වසා දමා ඇති බවයි.

උතුරු පලාතේ ගෙවී ගිය දින කිහිපය තුලදී බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර ගැලීම් හේතුවෙන් පවුල් 96 කට අයත් පුද්ගලයින් 366 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකය පවසනවා.

අධික වර්ෂාවන් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයට වන අතර එහි කයිට්ස්, තෙලිප්පලෙයි, පේදුරුතුඩුව සහ චංකානෙයි හි පවුල් 54 කට අයත් පුද්ගලයින් 209 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති අතරම නිවාස 05 කටද හානි සිදුව ඇති බවයි ඒෂියන් මිරර් අප වාර්තාකරු සඳහන් කරන්නේ. එමෙන්ම මන්නාරමේ නගරයේ, නානාට්ටාන් සහ මාන්තෙයි බටහිර පවුල් 40 කට අයත් පුද්ගලයින් 152 ක් සහ මුලතිව් දිස්ත්‍රීක්ක තුනුක්කායිහි පවුල් දකකට අයත් පුද්ගලයින් පස් දෙනෙකුද පීඩාවන්ට පත්ව සිටිනවා.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් පහත් බිම්වල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකයන් විසින් දැනුම් දී ඇති අතර පීඩාවන්ට පත් වැසියන්ට සහන සැලසීමටද පියවර ගෙන ඇතැයිද ආපදා කලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 November 2021 16:50