January 17, 2025

අද කාලගුණය : වියළි කාලගුණයේ වෙනසක්

සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුණ කොට, දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

High-Resolution Asia 5

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන බවත් සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ විය හැකි බවත් මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකියේ සඳහන්.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Rate this item
(0 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449