May 03, 2024

නාරම්මලත් නාය යෑමක් - නිවසේ සිටි හෙදියක් මරුට

November 09, 2021

අලව්ව පොලිස් වසමේ, නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මව, දියණිය සහ පුතා නිවස තුළ සිට ඇති අතර, තුවාල ලැබු දියණිය නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මියගිය තරුණිය අවුරුදු 23ක් වු වෙන්නෝරුව ප්‍රදේශයේ පදිංචි කොළඹ පුද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් ලෙස සේවය කළ තරුණියක් බවයි.

අනතුරින් මවට සහ සොහොයුරාට තුවාල සිදුවී නොමැති අතර, අලව්ව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Rate this item
(1 Vote)