May 03, 2024

නාය යෑමෙන් නිවසක් යට වෙයි - යට වූ අය බේරා ගත් මෙහෙයුම (PHOTOS)

November 09, 2021

කෑගල්ල - රඹුක්කන - දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

තවත් අයෙකු එහිදී බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ එකම පවුලේ මව, දියණිය සහ ඥාති දියණියක්.

මිය ගිය මවගේ වයස අවුරුදු 36ක් වන අතර අවුරුදු 8ක ඇගේ දියණිය සහ රාජාංගණයේ සිට පැමිණි 13 හැවිරිදි ඥාති දියණියක මෙලෙස මිය ගොස් ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

බරපතළ තුවාල ලැබූ පියාගේ වයස අවුරුදු 40ක්.

මේ වන විට එම ප්‍රදේශයට යුද  හමුදා නිළධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. 

Rate this item
(0 votes)