April 26, 2024

පොලිස් ඇමතිගෙන් විශේෂ හෙළිදරව්වක් : සුසිල් ඉවත් කිරීම විමල්-උදය-වාසු ඇතුළු සියල්ලන්ගේම සාමූහික තීරණයක්

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ තීරණය ගත්තේ කවුදැයි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා එළිදරව් කරනවා.

ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කිරීමේ තීරණය ජනපතිවරයා ගත් තනි තීන්දුවක් ලෙසයි ප්‍රකාශයට පත් වූයේ.

තීන්දුව ගත් ආකාරය

වීරසේකර අමාත්‍යවරයා සඳහන් කරන්නේ එය කැබිනට් මණ්ඩලය ගත් සාමූහික තීරණයක් බවයි.

එම කැබිනට් මණ්ඩල රැස්වීමට කැබිනට් මණ්ඩලය තුළ සිටිමින් කැබිනට් මණ්ඩල තීරණ අභියෝගයට ලක් කරන ඇමතිවරුන් තිදෙනකු වන විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන්ද සහභාගි වී තිබෙනවා.

වීරසේකර මහතාගේ ප්‍රකාශයට අනුව ඔවුන් තිදෙනාද ප්‍රේම් ජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම අනුමත කර තිබෙන බව තහවුරු වනවා.

නිහඬ පිළිවෙත

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව ජනපතිවරයා සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව දැඩි ලෙස විවේචනය කරද්දී ඉහත සඳහන් ඇමති තුන් කට්ටුව නිහඬවම බලා සිට තිබෙනවා.

ආණ්ඩුව විවේචනය කළ හැකි ක්‍රම 2ක් තිබෙන බව වීරසෙකර අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ සෘණාත්මක විවේචනය හා ධනාත්මක විවේචනය බව සඳහන් කරන වීරසේකර මහතා ප්‍රේම්ජයන්ත් මහතා ඉන් සෘණාත්මක විවේචනයක යොදුන තිබෙන බවයි පෙන්වා දෙන්නේ.

වීරසේකර මහතා මෙම අදහස් පළ කර තිබුණේ ප්‍රේම ජයන්ත් මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 January 2022 22:34

Related items