April 19, 2024

ඇමති සරත්ගේ ලේකම් සෙවූ රත්තරන් ගැන අලුත්ම තත්වය

December 04, 2021

එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් රත්‍රන් වළදමා ඇති බවට සැක කෙරෙන මුලතිව් පුදුකුඩිරිප්පු සුදන්දිරපුරම් ප්‍රදේශයේ කැනීම් කටයුතු එළැඹෙන 06 වැනිදා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා ඊයේ (03) දින නියෝග කොට සිටියා.

දෙවැනි දිනයට ඊයේ (03) දින මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී සුදන්දිරපුරම් ප්‍රදේශයේදී කැනීම් කටයුතු පස්කපන යන්ත්‍රයක් මඟින් ආරම්භ කලද කපන ලද වලවල්වලට සීග්‍රයෙන් ජලය පිරීම හේතුවෙන් කැනීම් කටයුතුවලට දැඩි බාධා එල්ල වීම හේතුවෙන් කාලගුණික තත්වය යහපත් තත්වයක අදාල කැනීම් කටයුතු කළ යුතු බවට මුලතිව් මහේස්‍රතාත්වරයා පවසා තෙවැනි වරට කැනීම් සිදු කිරීම ලබන 06 වනදා දක්වා කල් දැමුවා.

එල්.ටි.ටි සංවිධානය අදාළ ස්ථානයේ වළදමා තිබූ බව කියන රත්‍රන් ගොඩගැනීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් වත්මන් අමාත්‍යවරුවන් දෙදෙනකුගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවයක් පවතින බවටද අනාවරනය වීම හේතුවෙන් අදාල කැනීම් කටයුතු සිදු කිරීම විශේෂත්වයක් වී තිබෙනවා.

කැනීම් කටයුතු නැවත ආරම්භ වනතුරු අදාළ ස්ථානය වෙත පූර්ණ පොලිස් ආරක්ෂාව යොදවන ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කල අතර පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් ආරක්ෂාව යොදවා තිබෙනවා.

Rate this item
(2 votes)