May 02, 2024

මහ පාරේ මහා විනාශය (PHOTOS)

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති තෙලදින්නන්වැව මාර්ගයේ කාපට් අතුරා දින ගණනාවක් ගතවයද්දී ඇතිරූ කාපට් තැන තැන ගැලවී ඉරිතලා විනාශ වී යාමේ තත්ත්වයකට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.

වසර ගණනාවක සිට දැඩි වලවල් හේතුවෙන් ජනතාවට ගමන් කිරීමට පවා නොහැකිව තිබියදී පසුගියදා ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් මත මෙම මාර්ගය කාපට් අතුරා පිළිසකර කිරීමට රජය මුදල් වෙන් කොට තිබුණු බව ප්‍රදේශවාසීන් පවසනවා.

පුද්ගලික කොන්ත්‍රාත් සමාගමක් විසින් මෙම මාර්ගයේ කාපට් ඇතිරීම සිදු කළ බවත් කාපට් අතුරා දින ගණනාවක් ගත වී එය ගැලවී විනාශ වී ඉරිතලා පුපුරා යන බවද ජනතාව පෙන්වා දෙනවා.

මෙම ඉදි කිරීම් සිදු කළ කොන්ත්‍රාත්කරුවන්ගෙන් අප වාර්තාකරු මේ පිළිබඳව විමසීමට උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා.

මෙම මාර්ගයේ කාපට් ඇතිරීම සඳහා කොපමණ මුදලක් වියදම් කළේ ද? කොන්ත්‍රාත්කරුවන් කවුරුද? යන්න අප පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විෂයභාර නිලධාරීන්ගෙන් කල විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ එක වරම එවැනි තොරතුරු තමන්ට ලබා දිය නොහැකි බවයි.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 January 2022 19:56