April 27, 2024

ෆීල්ඩ් මාෂල් තනතුර ගැන ඉන්දියාවෙන් ඉගෙන ගන්න: පොලිස් ඇමතිගෙන් ෆොන්සේකාට පණිවිඩයක් (VIDEO) Featured

December 10, 2021

ෆීල්ඩ් මාර්ෂල් තනතුරේ ඇති වටිනාකම ගැන ඉගෙන ගන්නා ලෙස සරත් ෆොන්සේකාට මහතාට සරත් වීරසේකර අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නා.

ඒ අය - වැය අවසන් දින විවාදය ආරම්භ කිරීමට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින්.

ඉන්දීය ෆීල්ඩ් මාෂල්

යුද හමුදාවක ලැබෙන ඉහලම තනතුර ෆීල්ඩ් මාර්ෂල් තනතුර බවත් එම තනතුර දරන්නා නඩත්තු කිරීම සඳහා මහජන මුදල් වැය කරන ආකාරය ගැනද වීරසේකර මහතා පෙන්වා දුන්නා.

එහිදී ඔහු උදාහරණයට ගත්තේ බංගලාදේශ නිදහස් සටනට ඉන්දීය පාර්ශවයෙන් නායකත්වය දුන් හමුදා නායකයා වූ මනීෂ් ෂෝ මහතාවයි.

එම යුද්ධය නිමාවෙන් පසු ෆීල්ඩ් මාර්ෂල් ධුරයට උසස් කළ සෝ මහතාගේ ආදර්ශමත් ජීවිතය මෙන්ම ඔහු වෙනුවෙන් ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා ඉදි කර ඇති ස්ථාන ගැනද වීරසේකර අමාත්‍යවරයා විස්තරයක් කළේ සරත් ෆොන්සේකා මහතාට චීන ආදර්ශයක් ගන්නා ලෙස ඉල්ලමින්.

2022 ප්‍රාර්ථනාව

එවැනි වටිනා ධූරයක් දරණ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එළඹෙන 2022 වර්ෂයේදීවත් මහජන නියෝජිතයකු ලෙස තමන්ට ලැබෙන කාලය අන් අයට මඩ නොගසා අර්ථවත් දෙයක් කතා කිරීමට යොදා ගන්නා ලෙසත් අමාත්‍යවරයා මහතා සඳහන් කළා.

රණවිරුවන්ගේ ප්ලේන්ටිය ගැන කතා කරන සරත් ෆොන්සේකා මහතා සුදු කොඩි සිද්ධිය තුළින් හමුදාව පාවා දුන් ආකාරයද වීරසේකර මහතා සභාවට මතක් කර දුන්නා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 10 December 2021 13:03

Related items