May 09, 2024

අගමැති ඉල්ලා අස්වීම නතර කළ ඇමැතිවරු දෙදෙනා

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීම පිටුපස තිබූ වටපිටාව මේ වන විට එකින් එක නිරාවරණය වෙමින් තිබෙනවා.

මෙම ගැටුම් ඇතිව තිබෙන්නේ ඇමති මණ්ඩලය ඉල්ලා අස් වූ ඉකුත් සඳුදා (4) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී.

කොළඹ අවට මන්ත්‍රිවරු

එදින අග්‍රාමාත්‍යවරයා ඒ වන විට කොළඹ අවට සිටි ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට කැඳවා තිබෙන්නේ අගමැති ධූරයෙන් සිය ඉල්ලා අස්වීම පිළිබඳව දැනුම් දීමටයි.

එහෙත් එහිදී විශේෂයෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් වෙතින් කෙරුණු දැඩි ඉල්ලීම මත අග්‍රාමාත්‍යවරයා තීන්දුව වෙනස් කොට තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා වන්නේ නම් තමන්ද දේශපාලනයෙන් ඉවත්වන බව එහිදී ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඇමතිවරුන්ගේ යෝජනාව

එහිදී ඔවුන් දෙපළ සඳහන් කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා ඉවත් යුතුව ඇති බවත් තමන් අමාත්‍ය අමාත්‍ය ධුරවලින් ඉවත් වීමට සූදානම් බවත්ය.

ඒ වන විටත් අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය වෙනත් තැනක සැකසීමෙන් තිබූ අතර රැස්වීමේ දී ඇතිවූ තත්ත්වය මත එම ලිපිය සැකසීම නතර කර දමා තිබෙනවා.

එහෙත් ස්වාධීන වූ ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 10 මන්ත්‍රීවරු දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ වත්මන් අර්බුද විසඳීමට ඇමතිවරු පමණක් නොව අග්‍රාමාත්‍යවරයාද සිය ධූරයෙන් ඉවත් වී නව අග්‍රාමාත්‍යවරයෙකුට පත්වීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 April 2022 09:48