May 08, 2024

ආර්ථිකය ගොඩ දාන්න පුළුවන්: හැබැයි තව දුක් විඳින්න වෙනවා - නව මහ බැංකු අධිපති

රට වැටී ඇති ආර්ථික අර්බූදයෙන් එක පාර ගොඩ යා නොහැකි බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරනවා.

බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය තවදුරටත් බිඳ වැටී කුඩුපට්ටම් වීමට පෙර නතර කර ගැනීම තමන්ගේ පළමු කාර්ය භාරය බවයි ඔහු සඳහන් කරන්නේ.

අනතුරු ඇඟවීම

එසේ කලත් ආර්ථිකය තවත් පස්සට යන බවටද නව මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවන්නේ තමන්ට බොරු කීමට දැන් බවද සඳහන් කරමින්.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ දිනෙන් දිනම වැටෙන ආර්ථිකය එකපාරට හැරවීමට හැකි බව සඳහන් කරමින් අනවශ්‍ය බලාපොරොත්තු ඇති කිරීමට තමන් සූදානම් නැති බවයි.

ජනතාවට තව කාලයක් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වන බවත් ඒ කාලය තුළ ඉවසිමෙන් කටයුතු කරන ලෙසත් නව මහ බැංකු අධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කළ හැකි දේ

තමා කරන්න පුළුවන් දේ පමණක් නොව කරන්න බැරි දේත් ප්‍රකාශ කරන බව ඔහු අවධාරණය කරනවා.

කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය යළි ප්‍රතිසංස්කරණය කොට නිවැරදි තැනකට ගෙන ඒමට හැකි බවට විශ්වාසයක් තමන් තුළ තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් තබමින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 April 2022 09:49