May 02, 2024

ජනපති සමග සාකච්ඡාව ගැන වාසු දුන්න අමුතු උත්තරේ

ආණ්ඩුවේ කණ්ඩායම් තුනක් හැටියට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (10) රාත්‍රියේ ජනපතිවරයා මුණ ගැසුණා.

එම සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳව ඊට සහභාගි වූ පාර්ශව විවිධ අදහස් පළ කරනවා.

හිටපු ඇමති

ඒ අතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාද සිටිනවා.

ඔහු සඳහන් කරන්නේ එම සාකච්ඡාවේදී අන්තර් කාලීන ආණ්ඩුවක් ගැන කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවයි.

ජනපතිවරයා හමුවීමේ වැදගත්කමක් නොතිබුණු බව සඳහන් කරන නානයක්කාර මහතා සාමාන්‍ය හිතවත්කම වර්ධනය කරගැනීම පමණක් සිදු වූ බව පෙන්වා දෙනවා.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම

ස්වාධීන වූ ආන්ඩුවේ සන්ධානගත පක්ෂ 10 ක කණ්ඩායම , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ස්වාධීන කණ්ඩායම විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනපතිවරයා සමග මෙම සාකච්ඡා පැවැත්වූ බවයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එම සාකච්ඡාවේ මූලික අරමුණ වූයේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කොට සියලු පක්ෂවල එකඟතාව අන්තර් පාලනයක් ඇති කිරීමයි.

ආන්ඩුවේ එම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමට මන්ත්‍රීවරු 41ක් ඇතුලත්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 11 April 2022 21:59