April 25, 2024

ෆොන්සේකා - ශවේන්ද්‍ර කඩවතදී හමුවෙයි

ආරක්ෂකක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර්​ පණ්ඩුක පෙරේරා මහතා කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති වූ සංකූලතාවයක් පසුගියදා අභාවප්‍රාප්ත වු අතර ඔහුගේ අවසන් කටයුතු කඩවත, ඇල්දෙණිය සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරුණා. 

එම අවස්ථාවට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේද්‍ර සිල්වා මහතා සහභාගි වී සිටියා.

එහිදී ඔවුන් දෙදෙනා එකිනෙකාට ආචාර කරගත් අයුරු දක්නට ලැබුණා. 

Rate this item
(6 votes)
Last modified on Wednesday, 05 January 2022 01:13

Related items