April 26, 2024

පොලිස් ඇමති තනි වේ: අගමැති හා බැසිල් මන්ත්‍රීවරුන්ගේ පැත්ත ගනී

February 14, 2022

සරත් වීරසේකර ඇමතිවරයාට වාසුදේව නානායක්කාර ඇමතිවරයා එල්ල කළ ප්‍රහාරයට මේ වන විට ප්‍රසිද්ධිය ලැබී අවසන්.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී වීරසේකර ඇමතිවරයා කටයුතු කරන අමුතුම ආකාරය පදනම් කරගෙනයි නානායක්කාර ඇමතිවරයා එසේ ප්‍රහාරයක් එල්ල කළේ.

ඇමතිගේ විවේචනය

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සිදු වූ මෙම ප්‍රහාරයේ වැඩි දුර තොරතුරු ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී ඒ පළාතේ ආණ්ඩු පක්ෂ දේශපාලන අධිකාරියෙන් වීරසේකර ඇමතිවරයා විමසීමක් නොකරන බවටයි නානායක්කාර ඇමතිවරයා චෝදනා කරන්නේ.

පොලිසිය ස්වාධීනව පවත්වාගෙන යන ලෙසට ජනපතිවරයා තමන්ට උපදෙස් දී ඇති නිසා තමන් එසේ කරන බව ඇමතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් සදහන් කර තිබෙනවා.

ප්‍රබලයන් දෙදෙනාගේ මතය

එහිදී වීරසේකර ඇමතිවරයාගේ එම ප්‍රතිචාරයට පිළිතුරු දීමට ඉදිරිපත් වී තිබෙන්නේ අගමැතිවරයා හා බැසිල් රාජපක්ෂ ඇමතිවරයායි.

දෙදෙනාම සඳහන් කර තිබෙන්නේ ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය, ප්‍රදේශවල සංවර්ධනය කිරීමේදී එය ගැටුමකින් තොරව කරගෙන යෑමට පොලීසියේ සහය අවශ්‍ය බවයි.

ඒ නිසා ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් විමසීමක් කිරීම වඩා හොඳ ක්‍රමය බව ඔවුන් දෙපළ පොලිස් ඇමතිවරයාට මතක් කර දී තිබෙනවා.

සාමාන්‍ය ක්‍රමවේදය

යම් ප්‍රදේශයක පොලිස් ස්ථානාධිපති පත්කිරීමේදී ඒ ප්‍රදේශය නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාගෙන් ඒ ගැන විමසා කිරීම සාමාන්‍ය ක්‍රමය බව ලෙසට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා වීරසේකර මහතාට මතක් කර දුන් බවයි දැනගන්නට තිබෙන්නේ.

බැසිල් රාජපක්ෂ ඇමතිවරයා, මන්ත්‍රීවරුන්ගේ පැත්ත ගෙන කතා කරද්දි මන්ත්‍රීවරුන්ද පොලිස් ස්ථානාධිපති ධූරයක් ලක්ෂ තුනයි හතරයි යනුවෙන් සඳහන් කරමින් කෑ ගැසූ බවද වාර්තා වනවා.

මේ විරෝධතා හමුවේ වීරසේකර ඇමතිවරයා නිහඩවම බලා සිට තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Sunday, 13 February 2022 23:17

Related items