May 06, 2024

චමුදිතගේ නිවසට ප්‍රහාරයක්! වෙඩි තැබීම් සමග අසූචි, ගල් ප‍්‍රහාර - CCTV එළියට Featured

February 14, 2022

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද(14) අළුයම නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ චමුදිත සමරවික්‍රම පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (cambridge court) නිවාස සංකීර්ණයේ පිහිටි නිවසටයි.

සිව් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

සුදු පැහැති  වැගන් ආර් රථයකින් පැමිණි මේ පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ ගේට්ටුව බලහත් කාරයෙන් විවෘත කරවාගෙන එහි සිටි ආරක්ෂක අංශ සේවකයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා මේ පිරිස නිවස වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

තමන් තම නිවසේ නිදා සිටියදී කිසියම් කණ්ඩායමක් පැමිණ එක දිගට පහරදුන් බව ඒ සමග විශාල ශබ්දයක් ඇසී තමන් නින්දෙන් අවදි වුණු බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා සඳහන් කළා.

මෙලෙස පැමිණි පුද්ගලයින් සිය නිවසට ගල් මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවට ඔහු පැවසුවා. 

ඊට අමතරව තමන්ට වෙඩි ශබ්ද කීපයක් ද ඇසුණු බවයි ඔහු පවසා සිටියේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පොලීසියට දැනුම් දුන් බවත් ඒ අනුව පොලිසිය පැමිණ නිවාස සංකීර්ණයේ අවට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(5 votes)
Last modified on Monday, 14 February 2022 12:37