April 25, 2024

රත්තරන් හෑරූ සම්බන්ධීකරණ ලේකම් හොඳ මීටරයක් : පොලිස් ඇමති දැන් කියන කතාව

December 13, 2021

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ රත්තරන් හෑරීමට ගොස් අත්අඩංගුවට ගත් සිය සම්බන්ධීකරණ ලේකම්වරයා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා කරුණු හෙළිදරව් කර තිබෙනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ පුදුකුඩුඉරිප්පු වල රත්තරන් සඟවා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු ගෙනාවේ අදාළ සම්බන්ධීකරණ ලේකම්වරයා බවයි.

ලබා දුන් උපදෙස්

මෙවැනි තොරතුරක් ලැබුණු විට තමන් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කොට අධිකරණ නියෝගයක් ගෙන පොලීසිය හා පුරාවිද්‍යා දෙපාර්මේන්තුව එකතු කරගෙන කැණීම් කරන ලෙස උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කරනවා.

එනිසා සම්බන්ධීකරණ ලේකම්වරයාට තිබෙන්නේ චෝදනාවක් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ නිසා ඔහුව සේවයෙන් ඉවත් කළේ තාවකාලිකව බව සරත් වීරසේකර අමාත්‍යවරයා සඳහන් කරනවා.

දේශපාලන දැනුම

ඊට හේතුව ඔහුට එරෙහිව චෝදනාව තිබෙන නිසා බව සඳහන් කරන අමාත්‍යවරයා සේවයෙන් ඉවත් කළ සම්බන්ධීකරණ ලේකම්වරයාට හොඳ දේශපාලන දැනුමක් තිබෙන බවත් පෙන්වා දෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවන පරීක්ෂණ පිළිබඳව බලාගෙන සිටින බව ඇමතිවරයා සඳහන් කරන්නේ ඊට තමන්ගේ කිසිදු බලපෑමක් නැති බවද පෙන්වා දෙමින්.

සරත් වීරසේකර අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබුණේ සති අද ජාන්ත ජාතික පුවත්පතක් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Rate this item
(2 votes)
Last modified on Monday, 13 December 2021 00:39

Related items