April 26, 2024

සුසිල් කටඅරියි : එදා පොළේදී ගත්ත ලොතරැයියයි අද ඇදුනේ - මාව අස් නොකළා නම් තමයි පුදුමෙ (VIDEO)

තමාව රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් නොකල නම් එය ප්‍රශ්නය බවයි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කරන්නේ.

රටේ ආර්ථික හා අනිකුත් කටයුතු මෙහෙවන විදිහට ඒ බව හැඟෙන බව ඔහු පෙන්වා දෙනවා.

පොලේ දැක්වූ අදහස්

මීට ටික දිනකට පෙර ප්‍රේම් ජයන්ත් මහතා තමාගේ නිවස අසල ඇති දෙල්කඳ පොළට ගොස් බඩු මිල ගැන ආණ්ඩුව ගැන අදහස් දැක්වීම ජනපතිවරයා විසින් ඔහුව මෙසේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට හේතු වූ බවයි වාර්තා වන්නේ.

එම ගමනේදී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ලොතරැයියක්ද මිලට ගත්තා.

එම ලොතරැයිය අද (4) දින ඇදුනු බවයි ප්‍රේම් ජයන්ත් මහතා සිය හිතවතෙකුට දුරකථනයෙන් ප්‍රකාශ කරන වීඩියෝවක්ද මේ වන විට සමාජගත වී තිබෙනවා.

බඩු අස් කිරීම

ඔහු එසේ දුරකථනයෙන් සිය හිතවතෙකු අමතා ප්‍රකාශ කළේ සිය ඇමති කාර්යාලයේ බඩු බාහිර ආදිය අස් කරගෙන යෑමට ගිය අවස්ථාවේ.

තමාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම තමාගේ ඉදිරි දේශපාලන ගමනට ආශිර්වාදයක් බවද ප්‍රේම් ජයන්ත් මහතා සඳහන් කරනවා.

තමාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බව තමන්ට මෙතෙක් දන්වා නොමැති බවත් තමන් එය දැනගත්තේ මාධ්‍යයෙන් බවද පෙන්වා දෙන ප්‍රේම්ජයන්ත් මහතා හෙට (5) සිට සිය පැරණි වෘත්තිය එනම් නීතිඥ වෘත්තිය කිරිම සඳහා උසාවි යන බවද සඳහන් කරනවා.

ජනපති බලතල

තමාව හේතු නොදක්වාම රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ජනපතිවරයාට බලය තිබෙන බවයි ඔහු අවධාරණය කරන්නේ.

සනීපාරක්ශක සේවයේ සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්වත් නැති කැබිනට් මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු තමාට විරුද්ධව යම් යම් දේ කැබිනට් මණ්ඩලය තුළ කියූ බව තමාට ආරංචි බවද ප්‍රේම් ජයන්ත් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

මහින්දානන්ද අලුත්ගමගේ හා බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා දෙල්කඳ පොළේදී කළ ප්‍රකාශ ගැන සිය විරෝධය කැබිනට් මණ්ඩලය තුළ පළ කළ බවයි වාර්තා වන්නේ.

අපේ බඩු මිල ඉහළ යෑම හා ආහාර හිඟයට වගකිව යුත්තේ විෂයභාර ඇමතිවරුන් බව ප්‍රේම්ජයන්ත් මහතා දෙල්කඳ පොළේදී සඳහන් කළා.

සුසිල් ප්‍රේම් ජයන්ත් මහතා එම අදහස් පළ කළේ සිය බඩු බාහිරාදිය අස් කර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතායි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 January 2022 01:17

Related items