March 29, 2024

ඇමති දිනේෂ් කට්ටි පනි : දෙවන වතාවටත් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරයි

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා වත්මන් පාර්ලිමේන්තුවේ සභානායකවරයාද වනවා.

ඔහු මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ ප්‍රශ්න මගහැර යාම සම්බන්ධයෙන්.

ඇමතිගේ මග හැරීම

තමන් කැබිනට් ඇමැති ධුරය දරන අධ්‍යාපන විෂය යටතේ සිටී රාජ්‍ය අමාත්‍යවරයා වූ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගුණවර්ධන මහතා දෙවැනි වතාවටත් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා මුණ ගැසීමට ඔහුගේ රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

ගුණවර්ධන මහතා ඊට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ මාධ්‍ය අමතා ආවේගාත්මකව විවිධ දේ ප්‍රකාශ කරමින්.

උපක්‍රමශීලී පියවර

ඉන් පසුව විමල් වීරවංශ අමාත්‍යවරයා සමග ගුණවර්ධන අමාත්‍යවරයා සිටි අවස්ථාවක යළිත් මේ ගැන මාධ්‍යවේදීන් ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

"ඇමතිවරු දෙන්නෙක් මේ ගැන කතා කරලා වැඩක් නැහැ.ඒ නිසා ඇමතිතුමා කතා කරයි" යැයි සඳහන් කරමින් ගුණවර්ධන මහතා ඉතා උපක්‍රමශීලීව බෝලය වීරවංශ අමාත්‍යවරයා වෙත පාස් කළා.

ඉන් අපහසුතාවයට පත්වූ වීරවංශ අමාත්‍යවරයා "මාව දැන් අල්ලා ගත්තා" දැයි මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කරමින් සාම්ප්‍රදායික ඇඟ බේරා ගන්නා පිළිතුරක් දෙන අයුරුයි දකින්නට ලැබුණේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 16:41