May 01, 2024

ගන්දර පොලිසියේ ස්ථානාධිපති අනංගයා අවුල් කේස් එකක් : රාජ්‍ය ඇමතිගේ පත්කිරීමක් Featured

December 29, 2021

ගන්දර පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වන පොලිස් ස්ථානාධිපතිවරයා මම ධුරයට පත්කර තිබෙන්නේ කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයාගේ අවශ්‍යතාවයට අනුව බවට තොරතුරු වාර්තා වනවා.

අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට එම තනතුරට පත්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් නොමැති බවටද ප්‍රකාශ වන අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ බලපෑම මත ඔහු එම තනතුරට පත් කළ බවත් වාර්තා වනවා.

ගන්දර පොලිස් ස්ථානාධිපති

මෙසේ චෝදනා එල්ල වූ ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා වන්නේ නලින්ද අරවින්ද අර්ජුන විජේසිංහ නැමැත්තෙක්.

සිද්ධියත් සම්බන්ධයෙන් ආධුනික පොලිස් කොස්තාපල්වරිය එම පොලිසියේම සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියට පැමිණිලි කර ඇති අතර ඇය විසින් මේ සිද්ධිය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලන්ත සොයිසා මහතාට දැනුම්දී තිබෙනවා.

සිද්ධියත් සමග අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාව බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

විනය විරෝධී චෝදනා රැසක්

සිද්ධියට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරයා කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයාගේ ඥාතියෙකු බවටත් ආරංචි මාර්ග පැතිරෙමින් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය විරෝධී සිද්ධියෙන් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් තිබෙන අතර ඒ හේතුවෙන්ම වැඩ තහනමටද ලක් වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධියට මුහුණ දුන් ආධුනික පොලිස් කොස්තාපල්වරියගේ පළමු පත්වීම ගන්දර පොලිසියේ මෙම පත්වීම බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 28 December 2021 23:55