May 02, 2024

ලංකාවේ පොලීසිය කතුන්ට කරන කැත වැඩ ගැන වීඩියෝ සාක්ෂියක් (VIDEO)

පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් ඊයේ (07) කොළඹ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව අසළ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

පොලීසිය ක්‍රියා කළේ එයට සහභාගීවූවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට යි.

මෙම පුද්ගලයින් පසුව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් දින 14ක නිරෝධායනයක් සඳහා පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇති බව සඳහන්.

නිරෝදායන ක්‍රියාවලියට රැගෙන යාමේ දී පිරිසක් එය ප්‍රතික්ෂේප කළ අතර එහි දී ඔවුන් බලහත්කාරයෙන් වෑන් රථයක් වෙත ඇතුළු කරන අයුරු දක්නට ලැබුණා.

මාධ්‍යවේදීන්ගේ කැමරාවන්හි සටහන් වූයේ එම පිරිස අතර සිටි කාන්තාවකට පොලිස් නිලධාරියෙකු විසින් පා පහරක් ද එල්ල කරන ආකාරය යි.

එමෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් සිටිය යුතු වුවත් එම ස්ථානයේ සිටියේ එක් නිලධාරිනියක් පමණයි.

පා පහර කෑ කාන්තාව රථය වෙත ඇතුළු කිරීමේ දී පොලිස් නිලධාරීන් රැසක් වටවී එම කටයුත්ත සිදු කරන අයුරුයි දක්නට ලැබුණේ.

පොලිස් නිලධාරීන් විසින් කාන්තාවන්ට සිදු වූ අකටයුතුකම් පිළිබඳව පසුගිය දිනවල ද විවිධ පුවත් වාර්තා වූවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 08 July 2021 07:44