May 02, 2024

පොලිස් කොස්තාපල්වරියගේ නිරුවත බැලූ කොස්තාපල්වරයා CID දැළේ

පොලිස් කොස්තාපල්වරියකගේ නිරුවත් ඡායාරූප ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කර තිබෙනවා.

එම පුද්ගලයා හබරාදුව පොලීසිය වෙත භාර දීමට යි එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.

මෙම පුද්ගලයා ද පොලිස් කොස්තාපල්වරයෙකු බව යි පොලීසිය ප්‍රකාශ කළේ.

ඔහු ගාල්ල, වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ පොලිස් කොස්තාපල්වරයා මීට පෙර වූ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව ඇති තැනැත්තෙකු බව යි.

Rate this item
(5 votes)
Last modified on Saturday, 03 July 2021 12:43