April 18, 2024

මූල්‍ය අර්බුදයක් ඇති කළේ රාජපක්ෂ පවුලයි - පාඨලීගෙන් චෝදනාවක්

December 29, 2021

මේ රට අතිශය බැරෑරුම් මූල්‍ය අර්බුදයක් කරා ගෙන ගියේ, රාජපක්ෂ පවුල විසින් බව ලෝකයා හමුවේ දැන් පැහැදිලිව ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඊයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් මාස ගණනාවක් යනතුරු විවිධ අමාත්‍යාංශවලට සුදුසු පුද්ගලයන් ලේකම්වරුන් ලෙස පත් කරගැනීමට නොහැකි වූ බවයි.

ඉන් පැහැදිලි වන්නේ මේ රට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු සූදානමක නොසිටි බව යැයි ද හෙතෙම අවධාරණය කළා.

“එතුමා විසින්ම කිහිප දෙනෙක්ගෙන් යුතු කමිටුවක් පත් කරලා, රටේ ඉන්න වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලීමක් කළා. එවන්න ඔගොල්ලන්ගේ අයදුම්පත්‍ර මේ සුදුසු රාජ්‍ය ආයතන කරගෙන යන්න කියලා ඒ සාමාජිකයෙක් ප්‍රකාශ කරලා තිබුණා අයදුම්පත්‍ර දහස් ගානක් ලැබී තිබුණයි කියලා. ඒ අයදුම්පත්‍රවලට වෙච්ච දෙයක් අද වෙනකන් අපි කවුරුවත් දන්නේ නෑ ඊළඟට පරණ පුරුදු විදිහට ඒ රාජ්‍ය ආයතන වලට දේශපාලන හිතවතුන් ඒ වගේම ඡන්ද ව්‍යාපාරයට දායක වෙච්ච ඇතැම් වෘත්තීයවේදීන් පත්කළා. ඒ විතරක් නෙවෙයි අපි දැක්කා බොහෝ ස්ථානවලට වැදගත්ම ස්ථානවලට යුද හමුදාවේ සහ ආරක්ෂක අංශවල නියැලිලා හිටපු පිරිස් වල පත් කිරීම් කළා. මේකත් මේ රටේ තිබිච්ච තත්ත්වයක්. ඒක තමයි මේ යුද හමුදාවේ හිටපු දක්ෂ නිලධාරීන්ට රට කරගෙන යන්න පුළුවන්ය දේශපාලන වශයෙන් කුරුවල් වෙච්ච පරිපාලන සේවාවේ හෝ වෙනත් සේවාවන් වලට වෘත්තීයවේදීන්ට වඩා කියන මිත්‍යාව මේ රට තුළ ස්ථාපිත කරලා තිබුණා. දැන් ආපසු හැරිලා බලනකොට රට බංකොලොත්භාවය කරා ගෙනිහින් ඉවරයි. මේ රට දැන් ගලවාගත නොහැකි බංකොලොත්භාවයක් කරා ගෙනිහින් ඉවරයි. ඒකට මේ රජයේ නිලධාරීන්ට දොස් කියලා වැඩක් නෑ.

විශේෂයෙන්ම කාබනික ගොවිතැන අසාර්ථක වීමේ වගකීම ජනාධිපතිවරයාත් ඔහුගේ උපදේශකවරුත් කෘෂිකර්ම ඇමතිවරයාත් රාජ්‍ය ඇමතිවරයාත් භාරගත යුතු දෙයක්. මොකද ඒක මේ මහපොළොවේ කරන්න බැරි දෙයක් බව ඒ ගැන ප්‍රකාශ කරපු දවසේ ඉඳන් අපි ප්‍රකාශ කළා. මොකද ඒ සඳහා ඒ කාබනික පොහොර සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ශ්‍රමය එවා නිර්මාණය කරන්න යැවෙන ඉඩම් ඒ වගේම ඒවා නිර්මාණය කරන්න යන කාලය ඒ වගේම විශේෂයෙන්ම එමගින් අස්වැන්නට ඇතිවන බලපෑම කියන මේ කාරණා සියල්ලම විසි දෙලක්ෂයක් ගොවිතැනේ හා වැවිලි කර්මාන්තයේ නියැලිලා ඉන්න ගේ ජීවිත ගැන හිතලා රටේ ඉඩම් වලින් තුනෙන් එකක් එක්ක සෙල්ලම් කරන්න එපා රටේ ලක්ෂ දෙසිය විස්සක් වන ජනතාවකගේ කුසගින්න පිළිබඳ කාරණය ගැන රටට ඩොලර් උපයන තේ වගාව ඒ වගේම පොල් වගාව රබර් වගාව කුරුඳු වගාව එක්ක, සෙල්ලම් කරන්න එපා කියන පණිවිඩය අපි ලබා දුන්නා. අද මොකක්ද සෝචනීය තත්වය.

ඒ වගේම මේ සංවර්ධන ක්‍රියාදාමය ඇස් කඩා වැටෙන ආකාරයට විස්තර කළත්, මාධ්‍ය ප්‍රචාර දුන්නත්, මේවා යට තිබිච්ච, දැවැන්ත වංචාවන් අද මුළු රටම මුළු ලෝකයම දන්නවා. මේ රට අතිශය බැරෑරුම් මූල්‍ය අර්බුදයක් කරා ගෙනගියේ, මේ රාජපක්ෂ පවුල බව පැහැදිලියි. අද අපේ ගොවිතැන විනාසයි. රට සාගතයක් කරා ගමන් කරමින් තියෙනවා. රට මූල්‍යමය බුන්වත් වීම කරා ගෙන යමින් තිබෙනවා. ඒ තුළ මුළු රට හිඟන රටක් බවට පරිවර්තනය වීමේ අනතුර තියෙනවා. ඒ වගේම නැවත වෙන කවුරු හරි රට ආපසු ගත්තත් ගොඩ නගන්න බැරි විදිහට රටේ වටිනා සම්පත තෙල් සම්පත, තෙල් ටැංකි සම්පත ඒ වගේම ඛනිජ සම්පත් ඒ වගේම සුළං බලය ඒ වගේම වරාය, විදුලි බලය, තෙල්, ගුවන් තොටුපොලවල් ආදී සම්පත් කොළඹ නගරයේ වටිනා ඉඩම් විදේශ බලවේග වලට කුණු කොල්ලයට ලබාදීමට දැන් කටයුතු කරමින් යනවා. මේ සියල්ලෙන්ම ට නැවතත් ආර්ථික සමාජීය වශයෙන් යටත් විජිතයක් බවට පරිවර්තනය වෙමින් හමාරයි.

ඒ නිසා අසමත් වී ඇත්තේ මේ රටේ ජනතාවත් ඒ වගේම මේ රටේ වෘත්තීයවේදිනුත් නොවෙයි අසමත් වී ඇත්තේ පරාජය කර වී ඇත්තේත් සම්පූර්ණයෙන්ම මේ රට මේ තත්ත්වයට පත් කොට ඇත්තේත් රාජපක්ෂ පවුල. අද රට පුරා ජනතාව අතරින් ස්වයංවම නැගෙන හූ හඬින් පෙන්නුම් කරන්නේ ඒ පිළිකුලත් ඒ වෛරයක් බව ඔවුන් වටහා ගත යුතුයි. ඒ නිසා මෙරට ගලවා ගැනීමට, මේ රට බංකොලොත් උනොත් යළි මේ රට බේරා ගන්න බෑ. මේ රට ගලවා ගැනීමට නිශ්චිත වැඩපිළිවෙලක් යටතේ ඉදිරියට එන විදිහට අපි මේ රටට ආදරය කරන, දූෂණයට ගැති නොවිච්ච, ආණ්ඩුවේ විරුද්ධ පක්ෂයේ සියලුම දෙනාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා.” යනුවෙන් පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 20:37