May 13, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රථම Women Top 50 දින දර්ශනය එළි දැක්වෙයි

December 22, 2021

විවිධ ක්ෂේත්‍රයන්ගෙන් සවිබල ගැන්වුණු එක් එක් ක්ෂේත්‍රයන්ගෙන් ඉහළට ගිය කාන්තාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම Women Top 50 දින දර්ශනය 2022 වර්ෂය සදහා නිකුත් කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්වුණා.

කාන්තා කළමනාකරණ ආයතනය විසින් ප්‍රකාශයට පත්කල මෙහි ආයතනික, දේශපාලනික, සමාජයීය, ව්‍යාපාරික ආදී ක්ෂේත්‍රයන්ගෙන් ඉහළට ගිය ලෝක බැංකුවේ Women Top 50 සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් 12 දෙනෙකු වෙනුවෙන් වසරේ මාස 12 වෙන්කිරීමට කටයුතු කර ඇති අතර 2022 වසර ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ වසර ලෙසද ඔවුන් විසින් නම් කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරය කාන්තාවන් වුවත් තීන්දු තීරණ ගන්නා ස්ථානවල බොහෝ විට ඇත්තේ පිරිමි පාර්ශවය බැවින් කාන්තාවන්ගේ හඩ නොඇසෙන තත්වයක් නිර්මාණය වී ඇති බවයි.

සකසුරුවමින් පිරි කාන්තාවන්ට දූෂණය සහ නාස්තිය අවම කිරීමේ හැකියාවක් පවතින බැවින් ඒ ඒ ක්ෂේත්‍රයන්ගෙන් කාන්තාව ඉහළට යාම අගය කළ යුතු සහ දිරිගැන්විය යුතු කාරණයක් බව වැඩිදුරටත් සිහිපත් කළා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 21 December 2021 21:34