May 03, 2024

දක්ෂිණ අධිවේගයේ මුදල් ගෙවීම Lanka QR ක්‍රමයට

December 22, 2021

අධිවේගී මාර්ගයේදී මුදල් ගෙවීම සඳහා QR කේතය ජනගත කිරීමේ වැඩසටහන ඊයේ(21) උදෑසන කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ දී සිදු කෙරුණා.

මෙම සමාරම්භක උත්සව අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියා.

නේෂන් ට්‍රස්ට් බැංකුව මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ ඇතිකරගත් සම්බන්ධතාවය මත අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසල අතින් මුදල් ගෙවීම ( Manual Toll Collection MTC) වෙනුවට මෙම Lanka QR ජංගම ගෙවීමේ යෙදුම භාවිතා කළ හැකිය. මෙහිදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් Frimi හරහා ශ්‍රී ලංකා මහ බැංකුව, Lanka QR සහ මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධ කෙරෙනවා. දැනට මෙම Lanka QR ජංගම ගෙවීමේ යෙදුම දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් භාවිතා කරන අතර එය ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ගවල භාවිතයට ගැනේ.

Lanka QR සක්‍රීය App සහිත ඕනෑම අයෙකුට භෞතික මුදල් රහිතව මෙම ජංගම යෙදුම භාවිතා කර තමන්ගේ අධිවේගී මාර්ග ගාස්තුව ගෙවිය හැකිය. එහිදී ඔවුනට අවශ්‍ය වන්නේ ගමන ආරම්භයේ දී ලැබෙන ටිකට් පත ගමනාන්තයේ ඇති පිටවීමේ දොරටුවට ඉදිරිපත් කර, ගෙවීම් කටයුතු සඳහා ඇති Lanka QR කේතය පරිලෝකනය (Scan) කිරීම පමණි.

මෙම Lanka QR ජංගම යෙදුම භාවිතා කිරීම මඟින් මුදල් භාවිතය අවම වීම, මුදල් මඟින් කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම, සමාජය ඩිජිටල්කරණ සඳහා යොමු වීම, අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල කාර්යාලීය වේලාවන් වලදී පවතින දැඩි රථවාහන තදබදය අවම කර ගත හැකිවීම යනාදි ප්‍රතිලාභ ලැබෙනවා.

එහිදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසූවේ,

"ඉතිහාසයේ ඩිජිටල් අමාත්‍යාංශය කියන්නේ කතාවට විතරක් සීමා වෙච්ච එකක් . එම අමාත්‍යාංශයේ එදා විහිළු සපයන ආයතනයක් බවට පත්වුණා . ජ.වි.ප කිව්වා අධිවේගී මාර්ගයේ යන ගමන් තලගොයි, ඉත්තෑවන් මරාගෙන ගිහිල්ලා බයිට් එකක් හදාගන්න පුළුවන් කියලා . එහෙම තමයි මේ අධිවේගී මාර්ගයේ ඒ අය දැක්කේ.මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ අධිවේගී මාර්ගය හදලා විවෘත කළාට පස්සේ මිලියන 228ක් වාහන මෙම මාර්ගයේ ගමන් කර තිබෙනවා. හුඟක් අය එදා කිව්වේ කිරි පැණි ගේන්න ,ඇඔුල් තියල් ගේන්න මේ අධිවේගී මාර්ගය හැදුවා කියලා . ෆේස්බුක් එක බලලා රට හදන්න භාරගන්න ඉන්න ජනාධිපති වරුන්ට මං මතක් කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේ හොඳට දුර දිග බලලා කටයුතු කරන්න කියලා."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 09:53