May 13, 2024

ලිට්‍රෝ සමාගමට හදිසි නියෝගයක්

December 08, 2021

දෙසැම්බර් 04 වැනිදාට පෙර බෙදාහැරි මේ වන විට නිවෙස්වල සහ වෙළෙඳසල්වල ඇති මුද්‍රා තැබූ භාවිත නො කළ එල්.පී ගෑස් සිලින්ඩර වහාම නැවත කැඳවන ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දිවයින පුරා සිදු වූ ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් පිළිබඳ සොයා බැලීමට ජනපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව ඊයේ මාධ්‍යයට නිකුත් කෙරුණා.

එහි දී එම කමිටුව විසින් සිදු කළ පරීක්ෂණවල එක් නිරීක්ෂණයක් වූයේ, ගෑස් පීඩනය යම්තාක් දුරකට වැඩි වී ඇති බවයි.

ඒ හේතුවෙන් රෙගියුලේටර් සහ ගෑස් බට පුපුරා යෑම ඇතුළු නිරන්තර පරීක්ෂාවට ලක් නො වූ ගෑස් ලිප්වලට හානි වීමේ සිදුවීම් ද මෙම කමිටුවේ අවධානයට යොමු වී තිබෙනවා.

මෙම කමිටුව විසින් සිදු කළ නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි ලිට්‍රෝ සමාගමට පාරිභෝගික අධිකාරි‍ය විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.

Rate this item
(0 votes)