May 02, 2024

පදික වේදිකාවේ නවතා ඇති වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක්

December 08, 2021

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය ඇති වන අයුරින් සහ පදිකයන්ට අවහිර වන අයුරින් පදික වේදිකාවේ නවතා ඇති වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක් අද (8) සිට ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

එලෙසම වාහන නවතා සිටින පුද්ගලයන්ට එම මොහොතේදීම දැඩිව අවවාද කරන අතර , අයිතිකරුවන් නොමැතිව නවතා ඇති වාහන ළඟම ඇති පොලිසිය වෙත රැගෙන යන බවත් පොලිසිය පවසයි.

මෙම මෙහෙයුම අඛණ්ඩව සිදුකරන බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

Rate this item
(0 votes)