May 09, 2024

අලුත් ගෑස් වෙළඳපොළට නිකුත් කරයි - ගෑස් අලෙවියේත් අඩුවක් (PHOTOS)

December 08, 2021

පාරිභෝගික සේවා අධිකාරියේ මාර්ගෝපදේශ වලට අනුකුලව ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් වෙත අද (08) දින ගෑස් සිලින්ඩර් බෙදා හැරිම සිදු කරනු ලැබුවා.

රතු පැහැති මුද්‍රාවක් සහිතව ගෑස් අලෙවි නියෝජිතයන්ට එම සමාගම විසින් ගෑස් තොග බෙදා හැරිම සිදු කළා.

තම සමාගමෙන් ඉල්ලුමට සරිලන නව ගෑස් ‍තොග ලබාදුන්නද ගෑස් අලෙවියේ අඩුවක් පවතින බව ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.

නව ගෑස් තොග නිකුත් කරන තෙක් තම වෙලදසැල් දින කිහිපයක් වසා දමා තිබු බවද ගෑස් අලෙවි නියෝජිතයන් පවසනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)