April 27, 2024

"ඩඩ්ලි වෙළෙඳ ඇමතිද..කවුරු තරහ වුණත් මේවා කියන්න ඕන" - ඇමති විමලවීර ආණ්ඩුව පතුරු ගහයි

December 08, 2021

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී දැඩිව ආවේගශීලීව කතාවක් කළා.

ඔහු එහිදී මාධ්‍යය සහ ආණ්ඩුවේ ඇතැම් තීරණ ගැනද දැඩි ලෙස විවේචනය කළා.

මාධ්‍ය සහ ෆේ්ස්බුක් මතවාදයට ගැලපෙන්න ආණ්ඩු හදන්න යන්න බැරි බවත් ආණ්ඩු කරන අයටත් මේක කිව යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

ඩඩ්ලි සිරිසේන සහල් මිල සහ වී මිල දෙකම නියම කරන බවත් "එයා දැන් වෙළෙඳ ඇමතිද?"යනුවෙන් ඔහු ප්‍රශ්න කළා.

"අපි මේවා දිහා බලාගෙන ඉන්න කොට නිවටයෝ විදිහට සලකන්නේ. ස්ථාවයක් තියෙන්න ඕන. කවුරු තරහ වුණත් මේටික කියන්න ඕන. එක එක්කෙනාට හාල් වී මිල නියම කරන්න දෙන්න බෑ.මේක ආණ්ඩුවක්" යැයි රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 December 2021 11:07