May 07, 2024

අනුර කුමාර ගින්දර පත්තු කරයි : රනිල් පිදුරු දායි (VIDEO)

December 08, 2021

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව් ෆොට්‍රස් සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම මුල්කරගෙන පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

ඒ එම ගිවිසුම විපක්ෂය ඉල්ලා සිටීම නිසා.

ප්‍රශ්නයේ ආරම්භය

ප්‍රශ්නය මතු කළේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා.

තමන් එම ගිවිසුම සභාගත කරන ලෙස ඉල්ලා මාස එක හමාරකටත් වඩා කල් ගත වී ඇති මුත් තවමත් එය සභාගත වී නොමැති බව කතානායකවරයා අමතා සඳහන් කළා.

දිසානායක මන්ත්‍රීවරයා ඉස්මතු කළ ප්‍රශ්නය ඉන්පසු ඉදිරියට ගෙනිච්චා ගෙනිච්චෙ රනිල් වික්‍රමසිංහ මහතායි.

එම ගිවිසුම නැතුව ඒ සම්බන්ධයෙන් විවාද කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළා.

මුදල් අමාත්‍යංශ ලේකම්

අදාල සමාගම සමග ගිවිසුම අත්සන් කර තිබෙන්නේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා බැවින් එම ගිවිසුම සභාගත කරන ලෙස ඔහුට දැනුම් දෙන ලෙස වික්‍රමසිංහ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ඒ බව අද (8) මුදල් අමාත්‍යංශ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුනහොත් හෙට (9) පාර්ලිමේන්තුවට ලබාගත හැකි බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

ප්‍රශ්නයට සමගි ජන බලවේගයද මැදිහත්වීමක් තිබෙන බව පෙන්වීමටදෝ සමගි ජන බලවේගය පාර්ශවයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අදහසක් පළ කළා.

ඔහු සඳහන් කළේ මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බවයි.

මේ විවාදයට මැදිහත් වූ සභා නායක දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කළේ වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරද්දී කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ මුත් යුගදනවි බලාගාරය සම්බන්ධ වූ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයාට දැනුම් දෙන බවයි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 08 December 2021 11:10

Related items