April 26, 2024

රනිල්ගේ අගමැති සිහිනය සුනේ සුන් : අගමැති කරන්න අපිට පිස්සු දැයි පොහොට්ටුව අසයි

රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය ලබා දීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ සිය මතය අද (28) ප්‍රකාශ කළා.

ඒ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් තබමින්.

මොලේ අමාරුව

පාර්ලිමේන්තු මැතිවරණයේ එක් අසුනක්වත් දිනා ගැනීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකමක් දීමට තරම් මොළේ අමාරුවක් පොදුජන පෙරමුණට නැති බවයි එහිදී ප්‍රකාශ වුණේ.

ඒ බැව් සඳහන් කළේ රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයායි.

සර්ව පාක්ෂික සමුළුව කැඳවීම ගැනත් එහිදී ඇමැතිවරයා සිය මතය ප්‍රකාශ කළා.

සර්ව පාක්ෂික සමුළුව

ඔහු සඳහන් කළේ එම සමුළුව කැඳෙව්වේ ජාතික ආණ්ඩු හැදීමට නොව අර්බුදයක් ඇති වූ විට අපව කැඳවන ලෙස පාර්ලිමේන්තුවෙන් ආ ඉල්ලීමකට අනුව බවයි.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාද එහිදී අදහස් පළ කළා.

ඔහු සඳහන් කළේ මේ රටේ අග්‍රාමාත්‍ය ධූරය දැරීමට සුදුසුම පුද්ගලයා මේ අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධූරය දරන බවයි.

ඒ නිසා වෙන පුද්ගලයන් අග්‍රාමාත්‍ය ධූරය දීම ගැන පොදු ජන පෙරමුණ කල්පනා කළ යුත්තේ මන්දැයි මහ ලේකම්වරයා එහිදී මාධ්‍යයෙන් ප්‍රශ්න කළා.

ගෙන යන රාවය

ජාතික ආණ්ඩුවක අගමැති තමන් බවට යන රාවය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම යවන්නත් බවට මීට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සඳහන් කර තිබුණා.

ඒ දමිළ මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේ.

ඉකුත් 23 පැවැත්වූ සර්ව පාක්ෂික සමුළුවෙන් පසුද එළඹෙන සිංහල අවුරුද්දෙන් පසු බිහිවන ජාතික ආණ්ඩුවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවට රාවයක් පැතිරෙමින් තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Monday, 28 March 2022 16:12