April 18, 2024

මම සමුළුවට ආවේ ඔබ නිසා: රනිල් ඇමතිවරයෙකු අමතා කියයි

ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුවේ වැඩි අවධානය දිනාගැනීමට සමත් වූයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තනි මන්ත්‍රීවරයා වන ඔහු එම සමුළුවට සහභාගි වීම පිටුපස ඇති කතාවක්ද හෙළි වී තිබෙනවා.

දිවා භෝජනය

සර්ව පාක්ෂික සමුළුවෙන් පසු දිවා ආහාර භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර එහිදී වික්‍රමසිංහ මහතාට ඇමතිවරයෙකු මුණ ගැසී තිබෙනවා.

ඒ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයායි.

එහිදී වික්‍රමසිංහ මහතා නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා අමතා විශේෂ කරුණක් ප්‍රකාශ කලා.

පුද්ගලික ආරාධනය

"ඔබතුමා පුද්ගලික ආරාධනා කළ නිසයි මම සමුළුවට ආවේ."

එසේ කියපු වික්‍රමසිංහ මහතා දිවා භෝජන සංග්‍රහයට සහභාගී නොවී එතනින් නික්ම ගොස් තිබෙනවා.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ කලින් යොදා ගත් වැඩ කටයුත්තකට සහභාගි වීම සඳහා.

සර්ව පාක්ෂික සමුළුව සිරිපාල ද සිල්වා මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ජනපතිවරයා විසින් පවත්වන ලද්දක්.

Rate this item
(3 votes)
Last modified on Monday, 28 March 2022 09:05

Related items