May 04, 2024

ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර ඍජු ගුවන් ගමන් සේවා අරඹයි (PHOTOS)

December 08, 2021

පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් , පෝලන්තයේ වෝර්සෝ නුවර චොපින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ප්‍රථම මංගල ගුවන් යානය අද (08) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මේ සදහා පෝලන්ත ගුවන් සේවය විසින් බෝයිං - 787 ඩ්‍රීම් ලයිනර් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණා.

අද (08) අලුයම 05.35 ට එල්.ඕ.- 067 දරන ගුවන් යානය පෝලන්තයේ වෝර්සෝ නුවර චොපින් ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , ජල ආචාර පවත්වමින් පිළිගැනීමට කටයුතු කර තිබුණා.

එළඹෙන 2022 වසරේ මාර්තු මස 31 දින දක්වා ශීත ඍතු කාළසීමාව තුළ මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම ගුවන් සේවය බටහිර යුරෝපය, ස්කැන්ඩිනේවියානු රටවල්, බෝල්ටික් රටවල් සහ මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ ගුවන් මගීන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

මෙම ගුවන් යානයෙන් අද (08) ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන පැමිණ තිබූ අතර මින්පසුව සතියකට දින 03 ක් එනම් අගහරුවාදා, සිකුරාදා සහ ඉරිදා දින වල මෙම ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.

මෙම ගුවන් ගමන සදහා කිලෝ මීටර් 7,293 දුරක් පැය 09 ක කාළයක් ගත වෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පෝලන්ත තානාපති ඇඩම් බුරකොව්ස්කි (Adam Burakowski ) සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.

( කටුනායක - ටී.කේ.ජී.කපිල )

Rate this item
(0 votes)