April 26, 2024

මහජන බැංකුවේ Lanka QR ගෙවීම් පහසුකම මීගමුවට

December 21, 2021

ශ්‍රී ලංකා මහ බැංකුව දියත් කරන Lanka QR ජනගතකරණ වැඩසටහනක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මීගමුව නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර, එයට මහජන බැංකුව ද එක්විය.

මෙම ජනගතකරණ වැඩසටහන සමගාමීව මහජන බැංකුවේ ගම්පහ ප්‍රාදේශිකය විසින් පසුගිය මාසය පුරා කොච්චිකඩේ, සීදුව, ජා ඇල, මරඳගහමුල, පමුණුගම, මිනුවන්ගොඩ, කටුනායක යන මිගමුව ප්‍රදේශයට අයත් ප්‍රධාන නගර ආවරණය වන පරිදි විශේෂ Lanka QR ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්විණි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීගමුව ප්‍රදේශයේ අවසන් Lanka QR ජනගතකරණ වැඩසටහන දියත් කරන අවස්ථාව වන විටදී මහජන බැංකුව, එම ප්‍රදේශයේ සියලුම නගර ආවරණය කරමින් ව්‍යාපාරිකයින් සහ ගනුදෙනුකරුවන් QR පහසුකම සඳහා පූර්ණව අන්තර්ග්‍රහණය කරගෙන තිබීම විශේෂත්වයක් විය.

වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් දිවයින පුරා හඳුන්වාදෙමින් රටේ ගෙවීම් සංස්කෘතියේ විප්ලවීය වෙනසක් ඇති කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව මෙම Lanka QR සුවිශේෂී ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හඳුන්වාදෙනු ලැබීය. මේ සඳහා මහජන බැංකුව සම්බන්ධවූ අතර, ඒ අනුව මුදල් හෝ කාඩ්පත් භාවිතයකින් තොරව Lanka QR කේතය People's Pay යෙදුම මඟින් ස්කෑන් කිරීමෙන් භාණ්ඩ හා සේවාවන් ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමිවේ.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ඩී. කුමාරතුංග, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහාය සේවා) ලලිත් විතාන, ප්‍රධාන ඩිජිටල් නිලධාරී මංගල කාරියවසම්, ගම්පහ ප්‍රාදේශිය කළමනාකාර නලින් පතිරගේ යන මහත්වරුන්, සහකාර ප්‍රාදේශිය කළමනාකාරුවන්, ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශිකයේ ශාඛාවන්හි ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරින් සහ ශාඛා කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

Rate this item
(0 votes)