May 21, 2024

ප්‍රියන්තගේ පවුලට ආණ්ඩුවෙන් සහනයක් - කැබිනට් අනුමැතියත් හිමිවෙයි

December 07, 2021

පාකිස්තානයේ සියල්කොට් නගරයේදී පසුගිය සිකුරාදා (03) සාහසික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේ කර්මාන්තශාලාවක කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටි ප්‍රියන්ත කුමාර දියවඩන මහතා 2021 දෙසැම්බර් මස 03 දින මැර පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබ තිබුණා.

විගමනික සේවකයෙකු වශයෙන් ඔහු විසින් වසර 11කට අධික කාලසීමාවක් තුළ ශ්‍රී ලංකා ආර්ථිකයට කරන ලද පුළුල් දායකත්වය සැලකිල්ලට ගෙන, ඔහුගේ මරණය හේතුවෙන් අසරණභාවයට පත් බිරිඳ හා දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් මානුෂීය පදනම මත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුබසාධක අරමුදල මඟින් රුපියල් මිලියන 2.5ක ප්‍රදානයක් ලබා දීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Rate this item
(0 votes)

Related items